මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) –දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසා වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කරයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍ර වල වලංගු කාලය 2020.10.07 වන දින සිට 2020.12.05 දක්වා දීර්ඝ කෙරේ.

එම වීසා දීර්ඝ කිරීමට අදාළව, වීසා ගාස්තු ගෙවීම හා වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඉදිරියේ දී දැනුම්දෙන බව ද එම නිවේදනයේ දැක්වෙයි.

එම කාලය තුළ දිවයිනෙන් බැහැර වීමට අවශ්‍ය නම්, වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකි අතර, එහිදී කිසිදු දඩ මුදලක් අය කරන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *