මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බව බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ පසුගියදා (30) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරේ. ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ප්‍රමාණය ඉහළ ප්‍රමිතියකින් මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදකයන් සූදානම් බව දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *