මහා බ්‍රිතාන්‍ය සති හතරකට ලොක් ඩවුන්

(කොළඹ, ලංකාපුවත්) –සති හතරක කාලයක් සදහා මහා බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමට බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත.

මෙම නිවේදනය කරමින් අග්‍රාමත්‍යවරයා පවසන්නේ සිය රටේ සෞඛ්‍ය පද්ධතිය හා සාමාන්‍ය ජන ජීවිතය ව්‍යසනකාරී තත්ත්වයකට ළගා වීම වැළැක්විමට එම තීරණයට එළඹුණු බවයි.

ඒ අනුව එළඹෙන 05 වනදා සිට සති හතරක කාලයක් සඳහා මහා බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන්ම අගුලු දැමීමක්වනු ඇත.

පබ්ස්,ආපන ශාලා, අවන්හල්,කායවර්ධන මධ්‍යස්ථාන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සපයන ස්ථාන හා ආගමික ස්ථාන මේ අනුව වසා දැමීමට නියමිතය.

කෙසේවෙතත් පාසල් හා විශ්ව විද්‍යාල විවෘතව තබන බව අගමැතිවරයා සඳහන් කර ඇත.

මෙම ලොක් ඩවුන් කිරීමත් සමඟ එළඹෙන නත්තල පවුලේ සාමාජිකයන් සමඟ පමණක් සැමරීම සිදුකළ හැකි බැවින් එය වෙනස් අත්දැකීමක් වනු ඇති බව අගමැතිවරයා සඳහන් කරයි. කෙසේවෙතත් දෙසැම්බර් 02වනදායිව් පසු, සීමාවන් ලිහිල් කිරීමට අෙප්ක්ෂිත බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *