21 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට 21 වන කොරෝනා මරණය වැලිසර ළය රෝහලෙන් වාර්තාවේ. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අංශ පැවසුවේ අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 23 වැනිදා රෝහල්ගත වී ඇති බවය.

පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත.

නමුත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *