“ටින් ටින්” එයාර්බස් ගුවන් යානාවකට

(කොළඹ, ලංකාපුවත්) –ගුවන්යානා බඳ “විශේෂ සිත්තම්කරණය” බොහෝ ගුවන් සේවා විසින් සිදුකරන අතර ඒ අතරින් බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් සේවය විශේෂ ස්ථානයක් ගනී.

එයාර්බස් A320 ගුවන් යානාවක් ඔවුන් විසින් සිත්තම්කරණයට ලක්කොට තිබුනේ ලොව සුප්‍රසිද්ධ කාටූන් චිත්‍රපටයක් වූ “ටින් ටින්” කාටූනයේ Red Rackham’s Treasure පරිච්ඡේදයේ සබ්මැරීන දර්ශනයකිනි. ඔවුන් එසේ කොට තිබුනේ ටින් ටින් උපන් රට බෙල්ජියම වන නිසාය.

ටින් ටින්ට උපත දුන් බෙල්ජියම් ජාතික චිත්‍ර ශිල්පී “හර්ජ්” ට උපහාර පිණිස ඔවුන් මෙසේ ගුවන් යානයක් ටින් ටින් කාටූනය අනුසාරයෙන් සිත්තම් කොට ඇත. ගුවන් යානය තුළද ටින් ටින් ගේ විශේෂ දසුන් සිතුවම් කොට ඇති අතර යානය තුළ පරිහරණය සඳහා සියලු ටින් ටින් පොත්ද තබා තිබේ.

(©හසිත හේරත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *