මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 12570 දක්වා ඉහළ යයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12570 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ(05) දිනයේ තවත් ආසාදිතයින් 383 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

ඊයේ දිනය තුළ මෙරටින් හදුනාගත් ආසාදිතයින් මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වේ. ඒ අනුව එම පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව නව දහස් අනූදෙක දක්වා ඉහළ ගියේය.

එසේම ඊයේ දිනයේදී කොරෝනා මරණ 5ක්ද වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29 ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගත් 5918 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6623ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *