අමෙරිකාව ජෝ බයිඩන්ට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 270 ඉක්මවා ගොස් ඇති බවය.

ඒ අනුව ලබන වසරේ ජනවාරියෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය අවසන් වන අතර ඉන් පසු ජෝ බයිඩ්න් ඇමරිකා එක්සත් ජනපදයේ 46වන ජනපති ලෙස එම ධූරයේ වැඩ බාරගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *