හෙට සිට කාර්යාල දුම්රිය ගමන් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගතය නිසා පනවා තිබූ ඇඳිරි නීති තත්ත්වය හෙට (09) උදෑසන 05.00ට අවසන් වූ පසු කාර්යාල දුම්රිය ගමන් කිරීම ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හෙට දිනයේ කාර්යාල දුම්රිය 136ක් ධාවනය කිරීමට නියමිතයි සියලු කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි හෙට උදෑසන ධාවනය කෙරේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 54ක්, දුම්රිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය 46ක්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය 18ක් පුත්තලම මාර්ගයේ දුම්රිය 18ක් ලෙස දුම්රිය 136 ධාවනය වෙයි

තැපැල් දුම්රිය හෝ නගරාන්තර දුම්රිය හෝ සීඝ්‍රගාමී දුම්රිය කිසිවක් ධාවන නොවේ

වෙනදාට වඩා කලින් දුම්රිය පොළට පැමිණෙන දුම්රිය පොළට ඇතුළුවීමේදී නිරෝධායන ක්‍රමවේදයට අනුකූලව උණ බැලීම සහ තොරතුරු සටහන් කර ගැනීම සිදු කරන නිසා ඔබ නිවසේදීම ඔබගේ නම දුරකථන අංකය ලිපිනය ආදී තොරතුරු කොලයක සටහන් කරගෙන එන ලෙස දන්වා ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් වසම් තුල ඇති දුම්රිය ස්ථානවල පමණක් දුම්රිය නැවැත්වීම සිදු නොකරයි.

දුම්රිය ස්ථානයට එකවර විශාල පිරිසක් පැමිණෙන නිසා තමන්ගේ නිරෝධායන ක්‍රමවේදයට අනුකූලව දුරස්ථභාවය රඳවාගෙන දුම්රිය ස්ථානයට කලින් පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සිදු කරන ලෙසත්, දුම්රියේ ධාරිතාවෙන් 75%ක් පමණක් මගින් ගෙනියන බව දුම්රිය අධිකාරි, ගමනාගමන රංජිත් ප්‍රේමලාල් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *