අමෙරිකා නව ජනපතිට අගමැතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –විශිෂ්ට ජයක් ලබමින් ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්හට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබපැතුම් පලකර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජෝ බයිඩ්න්ට මෙන්ම උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස්ටද ශ්‍රී ලංකා රජය සුබපැතුම් එක් කරන බවයි.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වසර 72 ක් පැරණි රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩි දියුණු කරගැනීමට නව නායකත්වය සමඟ එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *