ශ්‍රී ලංකා ජනපතිගෙන් ජෝ බයිඩන්ට සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ 46වැනි ජනාධිපති ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලැබ තේරී පත්ව ඇති ජෝ බයිඩන් හට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කරයි.

ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිතුමා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත.

“අපගේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා” යනුවෙන් එහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *