තමිල්නාඩු ධීවර බෝට්ටු ශ්‍රී ලංකාවෙන් නිදහස් කර දෙන්නැයි වයිකෝ, මෝදිගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – තමිල්නාඩු ධීවරයින්ගේ අත්අඩංගුවට ගත් යාන්ත්‍රික බෝට්ටු 100 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් නිදහස් කිරීමට හෝ වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස එම්ඩීඑම්කේ ප්‍රධාන ලේකම් වයිකෝ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියි.

ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා උපුටා දක්වමින් ඔහු කියා සිටියේ ධීවරයින්ගෙන් අත්අඩංගුවට ගත් බෝට්ටු 121 ක් විනාශ කරන ලෙසට ශ්‍රී ලංකා අධිකරණයක් නියෝග කර ඇති අතර එය කණගාටුදායක තත්ත්වයක් බවත්ය.

ඉන්දීය අගමැතිවරයා වෙත ලිපියක් යවමින් වයිකෝ මේ ඉල්ලීම සිදු කර ඇත.

ඉන්දීය රජය, ශ්‍රී ලංකා රජය සමඟ මෙම ප්‍රශ්නය සාකච්ඡා කළ යුතු බවත් එ් සදහා ඵලදෘයී පියවර ගන්නා ලෙසත් අගමැතිවරයාගෙන් වයිකෝ වැඩිදුරටත් අදාළ ලිපිය මගින් ඉල්ලා තිඛේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *