මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට36වන කොවිඩ් මරණය අද (09) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන ප්‍රදේශයේ කාන්තාවකි.

එම කාන්තාව පුද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී ඇය මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති ඇය මිය යාමට ආසන්නත ම හේතුව වී ඇත්තේ කොචිඩ් නියුමෝනියා තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *