කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පණිවිඩයක්

(කොළඹ, ලංකාපුවත්) –ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන ෆයිසර් සහ ජර්මානු ජෛව තාක්ෂණ සමාගමක් වන බයෝ ඇන්ඩ් ටෙක් සමාගම් විසින් සොයාගෙන ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත බොහෝදුරට සාර්ථක මට්ටමේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී බෲස් අයිල්වර්ඩ් පවසයි.

ඒ අනුව ලබන වසරේ මාර්තු වනවිට එම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත පවතින කොරෝනා වසංගත තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ඒ සඳහා තවදුරටත් පර්යේෂණ කටයුතු පවතින අතර එය ලෝකයට බලාපොරොත්තු තබාගත හැකි මට්ටමේ පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *