මහරගම අපේක්ෂා රෝහලෙන් 46 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අද (11) දින 46වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද PCR පරික්ෂණයෙන් ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.

මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *