ට්‍රම්ප්ගේ Tik Tok තහනම් කිරීමේ තීරණය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව තුළ ඊයේ (12) රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ TikTok තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබේ.

එය ක්‍රියාත්මක කළේ නම් TikTok මෙවලම එරටදී බාගත කිරීම තහනම් වීමට නියමිතව තිබුණි.

අමෙරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෑතකදී ෆිලඩෙල්පියා අධිකරණයක් ලබාදුන් තීන්දුවකි.

එම අධිකරණ තීරණය ලබාදී ඇත්තේ TikTok ග්‍රාහකයින් තිදෙනෙක් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය.

ඔවුන් පවසන්නේ TikTok එරට තහනම් නොකළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *