චීනයේ විශාලතම අන්තර්ජාල අලෙවි වේදිකා දෙකක් ශ්‍රී ලංකාවේ භාණ්ඩ අලෙවියට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –තුන් වැනි චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය ගෝලීය වෙළඳ අවස්ථා රැසක් ගෙන දෙමින් චීනයේ ෂැංහයි නුවර දී සාර්ථකව නිමාවට පත්විය.

නොවැම්බර් මාසයේ 5 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවති මෙවර ප්‍රදර්ශනයට ආකර්ශනය කර ගත් ප්‍රදර්ශකයින් සංඛ්‍යාව 3000 කට ආසන්න ය.ශ්‍රී ලංකාව ද ඊට විශේෂ ප්‍රදර්ශන වේදිකාවක් එක් කර තිබූ අතර වෙළඳ ගිවිසුම් කිහිපයකට ද එහිදී එළඹිණ.

චීනයේ විශාලතම අන්තර් ජාල අලෙවි වේදිකා දෙකක් සමග ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවර්ධනය සඳහා එළඹි ගිවිසුම් එහිදී කැපී පෙනේ.

චීන රේගු බදු මහ පරිපාලනය ප්‍රදර්ශනයේදී එළි දැක්වෙන වෙළඳ භාණ්ඩ වෙනුවෙන් සහනදායී ප්‍රතිපත්ති පද්ධතියක් සකස් තිබූ අතර මාර්ගගත ඉල්ලුම් ක්‍රමයෙන් අදාළ ලියවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණ. ආනයන වෙළඳ ප්‍රදර්ශනය මනාව පැවැත්වීම සහතික කිරීම සඳහා රේගු බදු මහ පරිපාලනය විසින් මෙතෙක් පැවති ප්‍රදර්ශන දෙකෙන් ලැබුණු අත්දැකීම් සමාලෝචනය කර නිර්මාණශීලී පියවර සලසා දී තිබීම ද විශේෂත්වයකි.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය ප්‍රධාන වශයෙන් මාර්ගගත මෙන්ම මාර්ගගත නොවන ආකාරයේ එකතුවක් ලෙසට පැවැත්වුණ අතර අන්තර් ජාලය ඔස්සේ සිදු කෙරුණු අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් මගින් විදේශීය භාණ්ඩ රැසකට විශාල ඇණවුම් ලබා ගැනීමට හැකිවීම ද කැපී පෙනේ.

ප්‍රදර්ශනයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 72.62 ක ගනුදෙනු සම්පූර්ණ කෙරිණ.එය පසුගිය ව‍සරේ චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනයට වඩා 2.1% ක වර්ධනයකි.

මේ වසරේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය විසින් නව නිෂ්පාදන, නව තාක්‍ෂණයන් සහ නව සේවාවන් 411 ක් ප්‍රදර්ශනය කෙරිණ.

කෙරොනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ලෝක ආර්ථිකයට චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මගින් නව ජවයක් ‍‍ගෙන දී තිබේ.එය පශ්චාත් කෙරොනා සමයේ ගෝලීය ආර්ථික පුනර්ථාපනයට සුවිශේෂී අඩිතාලමකි.

(COLOMBO, LANKAPUVATH) –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *