මියන්මාර මහ මැතිවරණයෙන් අවුන්සාන් සුඛීගේ පක්ෂයට ජය

(කොළඹ, ලංකාපුවත්) –මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීගේ පක්ෂයට හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ මස 8 වනදා පැවති මියන්මාර මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ වී ඇත.

දැනට නිකුත්කර ඇති ප්‍රථිඵල වලට අනුව එරට සමස්ත ආසන හාරසිය දොළහෙන් ආසන 346ක් ලබා ගැනීමට අවුන්සාන් සුඛී නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය සමත්ව ඇත.

ඒ අනුව ඇයට දෙවන වරටත් පාලන බලය හිමිකර ගැනීම සදහා අවශ්‍ය පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව මේ වනවිටත් ලැබී ඇති බව සදහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *