(කොළඹ, ලංකාපුවත්) –හෙට (16) අලුයම 5.00 සිට හුදෙකළා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ කෙසෙල්වත්ත පොලිස් වසම්වල පිහිටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) කර්මාන්ත ශාලා, අධිකරණ, අත්‍යාවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.