විදුලිබල අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – “ආණ්ඩුව විදුලිබල පනතට පටහැනිව ඇමරිකානු සමාගමකින් විදුලිය ගැනීමට යයි” ශීර්ෂ පාඨය සහිතව 2020 නොවැම්බර් 15 දින සති අන්ත පුවත්පතක පළ කර තිබූ ප්‍රවෘත්ති වාර්තාව මුළුමනින්ම සාවද්‍ය බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

අදාළ කැබිනට් පත්‍රිකාවේ සත්‍ය සහ පැහැදිලි අරමුණ වනුයේ,

1. M/s New Fortress Energy නම් ඇමරිකානු සමාගමක් විසින් මෙරට ඇමරිකානු තානාපතිවරිය හරහා 2019 වසරේදී රජයට ඉදිරිපත්පත් කොට ඇති වසර 05 කාලයකට පමණක් සඳහාවූ දෘවිකෘත ස්වභාවික වායු (LNG) මගින්වූ විදුලි ජනන ඒකකයක්, රු.18 ට ආසන්න මුදලකින් ලබාදිය හැකිවූ යෝජනාවක් අප අමාත්‍යාංශය විසින් අධ්‍යනය කොට, වත්මන් විදුලි නිෂ්පාදනය වෙනුවෙන් වැය කරන අධි වියදම් (ඒකකයක් රු.30.00 ආසන්න) ඩීසල් ජනනය හා සන්සන්දනාත්මකව රටට වාසිදායි බැවින් ඊට අදාල තාක්ෂණික හා වාණිජමය කරුණු ඇතුලත් විස්තරාත්මක යෝජනාවක් කැඳවීමටත්,

2. එය සුදුසු යෝජනාවක් ලෙස තාක්ෂණික ඇගයුමකින් තහවුරු වන්නේ නම් පමණක් ඊට සමාන වන්නාවූ යෝජනා ඉදිරිපත් කිරීමට අනෙකුත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව ලබා දීමටත්,

3. අමාත්‍ය මණ්ඩලය පත්කල සාකච්ඡා කමිටුවක් (CANC) මගින් එකී යෝජනා සියල්ල ඇගයුම් කොට ඒ අතරින් තාක්ෂණික හා මූල්‍ය වශයෙන් වඩාත්ම සුදුසු යෝජනාව තෝරා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කිරීමකි.

මීට අමතරව, එම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් එල්ල කොට තිබූ අනෙක් චෝදනාව වනුයේ 2021 අප්‍රේල් මස ගිවිසුම් කාලය අවසන්වීමට නියමිත ඇඹිලිපිටිය හා මාතර “ඒස් පවර්” සහ සපුගස්කන්ද “ඒෂියා පවර්” දැවිතෙල් බලාගාර වල ගිවිසුම් කාලය 2023 දක්වා දිගු කිරීමට එම කැබිනට් පත්‍රිකාවෙන්ම අවසර ඉල්ලා තිබූ බවයි.

මෙකී ප්‍රවෘත්තිය ද සෘජුවම පාඨකයා නොමඟ යවන සුළු බව අමාත්‍යංශය සදහන් කරයි.

අදාල කැබිනට් පත්‍රිකාවෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ අදාල සමාගම් සමඟ වූ ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව පළමුව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) අවසරය ලබාගන්නා ලෙස විදුලිබල මණ්ඩලයට නියෝග කිරීමත්, එකී අනුමැතිය ලැබෙන්නේ නම්, අදාල එකඟතාවයන් සඳහාවු ව්‍යාපෘති කමිටුවක් සහ එකඟතාවය වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් (Negotiating committee) පත්කරන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *