ස්මාර්ට් ජංගම දුරකථන ලොව නව්‍ය තාක්ෂණයෙන් පිරිපුන් vivo V20 SE දැන් වෙළඳ පොළේ

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවට සිය V20 කාණ්ඩයේ නවතම vivo V20 SE ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. vivo පාරිභෝගික කේන්ද්‍රීය අංගයන් සැපයීම සඳහා නිරන්තරයෙන් සිදු කරන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, vivo V20 මාලාව ක්ෂේත්‍රයේ උසස්ම camera technology, futuristic design සහ ඉහළම සමස්ථ ක්‍රියාකාරිත්වයකින් යුතුව බලගන්වා ඇත. නව vivo V20 SE ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ දිනෙන් දින දියුණුවන නව ජිවන රටාවන්ට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබීම වඩාත් වැදගත් සන්ධිස්ථානයකි.

මෙම V20 SE නවතම ස්මාර්ට් ජංගම දුරකථනයෙහි 32 MP Super Night Selfie camera සමග Aura Screen Light ස්ථාපනය කර ඇති අතර එමඟින් රාත්‍රී දර්ශන / අඳුරු ආලෝක පරිසරය තුළ පවා පැහැදිලි හා තියුණු ඡායාරූප ගැනීමේ හැකියාව වඩා උසස් අන්දමින් පාරිභෝගිකයන් වෙත පිරිනමා තිබේ. එසේම පරිශීලකයා වෙත වැඩි ඇල්මක් සහ ජිවන රටාවට වැඩි වටිනාකමක් ගෙන දෙන සුවපහසු Magical Design නිමැවුමක් ලෙසද හැඳින්විය හැකිය. මෙය සිහින් සහ සැහැල්ලු බරකින් යුතු 7.83mm 3D සැකැස්මක් සහිත 33W FlashCharge හැකියාවෙන් යුතු දවස පුරාම බාධාවකින් තොරව පරිශීලනය කළ හැකි ස්මාර්ට් ජංගම දුරකථනයකි.

vivo ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මෙම නවතම හඳුන්වා දීම පිළිබඳව මෙසේ අදහස් දැක්විය. “vivo අපි නිරනතරයෙන්ම පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බලමින් පාරිභෝගිකයාට අවශ්‍ය උසස්ම නව්‍යකරණයන් සිදු කරනු ලබනවා. අප පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ අප ගැඹුරු අවබෝධයකින් කටයුතු කරන්නා සේම උසස්ම තත්ත්වයේ camera technology වලින් පරිපුර්ණ උපාංග මෘදු සහ දැරිය හැකි මිලකට ලබා දෙනු ලබනවා. සෙල්ෆි සඳහා ඇති වැඩි කැමැත්ත සහ නවතම ඡායාරූපකරණ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් නව V20 SE ස්මාර්ට් ජංගම දුරකථනය, මේ සහශ්‍රකයේ අපගේ පාරිභෝගිකයින්ට හොඳම දේ ලබා දීමට අප දරන උත්සාහයේ සාරාංශයක් ලෙස හැදින්විය හැකියි.”

vivo V20 SE, 32MP Front Cameraවකින් සමන්විත වන අතර එමගින් ඔබේ ජිවිතයේ අගනා අවස්ථාවන්හි සංකීර්ණ දත්ත මනාව ග්‍රහණය කර ගනිමින් සුපැහැදිලි දසුන් ඔබ වෙත ලබා දෙයි. Super Night Selfie හි උසස් විශේෂාංග හරහා චිත්‍රාගාරයක professional night scene camera අත්දැකීම් ලබා දෙයි. මෙම intelligent technology මගින් අඳුරු පැල්ලම් දීප්තිමත් කරන අතර වැඩි දීප්තිය, පැහැදිලිකම සහ සමබරතාවය ඇති කරයි. Aura Screen Light විශේෂාංගය මගින් ගෘහස්ථව සහ එළිමහනේ සංසරණය වන ආලෝකයට අනුව ස්වයංක්‍රීයව සැකසෙන අන්දමට නිර්මාණය කර ඇති විශේෂ vivo මෙවලමකි. නිරායාසයෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා දෙන තවත් කැපී පෙනෙන අංගයක් වන්නේ Multi-Style Potrait, AI Face Beauty සහ Professional Potrait Mode ය.

vivo V20 SE හි ඇතුළත් විශ්මය ජනක 48MP Rear Camera මගින් ඡායාරූප ලෝලීන්ට Super Night Mode, Super Wide Angle, Super Macro, Ultra Stable Video සහ Video Face Beauty වැනි ප්‍රබල අංග භාවිතා කරමින් නගර ආලෝකයේ සහ අඳුරු අහස පවතින අවස්ථාවේ පවා ආකර්ෂණීය හා පැහැදිලි රූප ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. එසේම සෑම නිමේශයක්ම මනාව ග්‍රහණය කර ගනිමින් Super Wide-Angle සහ Super Macro Mode මගින් ආකර්ශනීය වීඩියෝ පහසුකම් සලසා දී ඇත.

V20 SE හි සුඛෝපභෝගීත්වය එහි සිනිඳු නවීන මෝස්තරයන්ගෙන් යුතු දීප්තිමත් හා අලංකාර වර්ණවලින් මනාව පිළිබිඹු වේ. මිලිමීටර් 7.83 ක සිනිඳු මෝස්තරයෙන් සහ කැපී පෙනෙන ත්‍රිමාණ සැකැස්මක් සහිත මෙම ස්මාර්ට් ජංගම දුරකථනය අතිශයින්ම සැහැල්ලු වන අතර ඔබේ අතේ සුවපහසු ලෙස තබා ගැනීම සඳහා සැලසුම් කර ඇත. High polymer material මගින් මෙහි ත්‍රිමාණ සැකැස්ම සැකසී ඇත අතර එමගින් සුමට හා සැහැල්ලු නිමාවක් ලබා දී තිබේ.

Gravity Black හා Oxygen Blue යන වර්ණ දෙකකින් ඔබේ මනාපය පරිදි vivo V20 SE තෝරාගැනීමේ හැකියාව ඇත.

vivo V20 SE අඟල් 6.44 (සෙන්ටිමීටර 16.37) 1080P AMOLED Halo FullView ™ Display එකකින් සමවිත වන අතර එමඟින් විචිත්‍රවත් සහ නිර්ව්‍යාජ වර්ණ ඔබ වෙත ගෙන එයි. Composite colour shades මිලියන 16 කට වඩා එමගින් පෙන්වන අතර විවිධ පරිසර තත්ත්වයන්ට ස්වයංක්‍රීයව හැඩ ගැසෙමින් ඔබ බලන සෑම දෙයක්ම වඩා විශිෂ්ට කරයි. In-Display Fingerprint Scanning ක්‍රියාකාරිත්වය සමග මෘදු ස්පර්ශයෙන් එය හැසිරවිය හැකිය.

vivo V20 SE යනු සෞන්දර්යාත්මක හා සැලසුම් අංගයන් සමන්විත මෙන්ම වර්තමාන පරිශීලක අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රබල ක්‍රියාකාරිත්වය මත නිර්මාණය ඇති ප්‍රමුඛතම ප්‍රමුඛ උපාංගයකි. Qualcomm® Snapdragon™ 665 processor එකක මගින් V20 SE බලගැන්වෙන අතර 8GB RAM සහ 128GB ROM මගින් applications සහ games සඳහා සුමට හා ස්ථාවර ක්‍රියාකාරීත්වයක් ලබා දෙයි. 33W FlashCharge technology හරහා පැයක් වැනි කෙටි කාලයක් තුළදී 50% ක වේගයකින් 4,100mAh බැටරිය සම්පූර්ණ නැවත ආරෝපණය කරයි. තවත් වැදගත් අංගයක් වන්නේ Turbo technologies මගින් optimize කරන ලද Multi Turbo ය. එය මෘදුකාංග හා දෘඩාංග optimize කිරීමෙන් V20 SE හි වේගය, කාර්යක්ෂමතාව සහ උපාය හා සමස්ත ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. Memory Recaller විශේෂාංග මඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ පැරණි මතකයන් නැවත ලබා ගැනීමට සහ වැඩි දියුණු කළ වර්ණ සමඟ බෙදාහදා ගැනීමට අවස්ථාව උදා ලැබේ.

V20 SE ස්මාර්ට් ජංගම දුරකථනය Abans, Dialog, Singhagiri සහ දිවයින පුරා පිහිටි අනෙකුත් vivo බලයලත් අලෙවිකරුවන්ගෙන් රු. 57,990 ක මිලකට ලබා ගැනීමේ හැකියාව ඇත. තවද, V20 SE ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට නොවැම්බර් 15 සිට මාස 2 ක කාලයක් සඳහා වලංගු මසකට 20GB බැගින් වන Dialog 40GB anytime data පැකේජයක්ද නොමිලේ හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *