කොළඹ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ දිස්ත්‍රික්කය තුළින් හඳුනාගත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 500 ඉක්මවා තිබේ.

ඊයේ (15) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 704 දෙනෙකු හඳුනාගත් අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි තිදෙනෙකු ද ඒ අතර වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවවන ආසාදිතයින් 541 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු ආසාදිතයින් ගම්පහ, ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වී තිබේ.

මේ වනවිට මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,780කි.

කෙසේවෙතත් ඉන් 8070 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *