කඩොලාන නැවත වගා කිරීමේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ව්‍යාපෘතිය

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළමු පදවිප්‍රාප්තිය වෙනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන කඩොලාන නැවත වගා කිරීමේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ව්‍යාපෘතිය පසුගියදා (17) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කප්පල්තුර කලපුවේදී පැවැත්විණි.

ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස මෙම ව්‍යාපෘතිය සංකේතවත් කරමින් කඩොලාන පැළ රෝපණය කළහ. මෙම ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා කඩොලාන පැළ රෝපණය කිරීම සිදු කරන බව එහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය කීවාය.

පරිසරයට ආදරය ඇති පිරිස් පැමිණ නැගෙනහිර පළාතේ සුන්දරත්වය ආරක්ෂා කිරීම සදහා සිදු කරන මෙහෙය අතීශය අගය කළ යුතු බවද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *