“සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් කරන ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන “සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරලීමේ ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

නිදහස් ශ්‍රී ලංකාවේ 75 වෙනි අයවැය තුළින් ආර්ථික පුනර්ජීවනය ඇතිකරලීම හා දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් ශක්තිමත් කරලීම සදහා වන යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි අපේකම මුල්කරගත් ආර්ථික සංවර්ධනයක් ඇති කරලීම රජයේ අරමුණයි. ඒ සදහා සෑම කේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි මෙවර අයවැය සකස් කර තීබීම සුවිශේසය ය.

විශේෂයෙන් කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ බලවත් හා ධනවත් රටවල් වලට දැඩි ආර්ථික බලපෑම් එල්ල වී තිබියදී එහි බලපෑම අපේ රටටත් එල්ල වී ඇති අතර, විදෙස්ගත “රට විරුවන්” අපේ රටට එවන ආදායම විශාල ලෙස අඩු වී තිබේ. සංචාරක කර්මාන්තය බිද වැටී, අපනයන සීමා වී ඇත. මෙවැනි තතත්වයක් තුළ දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කරමින් දේශීය ආර්ථිකය නැංවීමේ ඉලක්කය පෙර දැඩිව කටයුතු කිරීමට මෙවර අය වැයෙන් වටිනා යෝජනා ඉදිරිපත් කර ඇත. එය අභියෝගාත්මක වූවද එම ඉලක්කය සපූරා ගනිමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරලීම අපේක්ෂාව බව ද එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

සෑම ගමක්ම ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 50,000 ක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 20,000 ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති අතර, මෙම ග්‍රාමීය මාර්ග සංවර්ධනය කර ජාතික මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලීම රජයේ අරමුණයි.

එමෙන්ම ඉතා දුෂ්කර ගම්මානවල ග්‍රාමීය ජනතාව, පාසල් දරුවන් එහා මෙහා යාමට භාවිත කළ අනාරක්ෂිත ඒ දඩු, වැල් පාලම් වැනි දෑ ඉවත් කොට ග්‍රාමීය පාලම් 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහන කඩිනම් කරලීම සදහා රුපියල් මිලියන 7,000 ක මුදලක් වෙන් කර ඇත. විශේෂයෙන් ග්‍රාමීය නිෂ්පාදන නිසි වේලාවට වෙළෙදපොලට රැගෙන යාමට නොහැකි වීම නිසා නිෂ්පාදන විනාශ වීම හා ඔවුනට නිසි ආර්ථික වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වූයේ මෙවැනි අනාරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමට සිදු වූ බැවිනි. එවැනි ගැටලු වලට මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබීම ඉතා සාධනීය තත්ත්වයකි.

රටේ සියළු ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් සංවර්ධිත රටක් උදාකරලීම වෙනුවෙන් ජනතාව පැතූ බලාපොරොත්තු “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාව තුළින් ඉටුකරලීමට වත්මන් රජය කටයුතු යොදා ඇත. ඒ සදහා වන සාධනීය අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන අතර එළඹ තිබෙන්නේ ජනතා පැතුම් ඉටුවන සිව් වසරක් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *