රැකියා විරහිත උපාධිධාරීන් 60,000න් 49,478කට පත්වීම් දී අවසන්

(කොළඹ, ලංකාපුවත්) –රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගතකිරීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන් 60,000න් 49,478 දෙනකුට අදාළ පත්වීම් ලබා දී අවසන් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

එහෙත් එයින් 6,175 දෙනකු මේ දක්වා පත්වීම් භාරගෙන නොමැති බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පෙරේදා(21) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වගකිව යුතු රජයක් ලෙස මේ රටේ උගත් තරුණ කොටස රටේ සංවර්ධනයට සක්‍රිය ලෙස දායක කර ගැනීමට කටයුතු කරන බව පෙන්වාදුන් ඇමැතිවරයා මේ නිසාම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ උපාධිධාරීන්ට රැකියා දීම පිළිබඳ සඳහන් කර තිබෙන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වුනේ 50,000ට රජයේ රැකියා ලබාදීමට බවද පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *