කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලු මුවදොර පිටියේ දී මියගොස් තිබේ.

අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති අතර , පසුව ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මියගිය, පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා, 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *