ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද(26) ආරම්භ වෙයි.

එහි සමාරම්භක උත්සවය පස්වරු 3.30 ට හම්බන්තොටදී පැවැත්වෙන අතර, තරගාවලිය දෙසැම්බර් මස 16 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

පළමු තරගය අද රාත්‍රී 7.30 ට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කින්ග්ස් හා කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ගෝල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියන්ස් , දඹුල්ල වයිකින්ග්ස් තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් වෙයි.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව තරගාවලිය පැවැත්වෙන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුවයි.

දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසක් එක්වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ දෙසැම්බර් 16 වනදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *