රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් ත්‍රිකුණාමලය වරායට

(කොළඹ, ලංකාපුවත්) –රුසියානු සමූහාණ්ඩුවට අයත් ගාර්ඩ්ස් මිසයිල් කෲසර් වර්ගයේ “වේරියග්” යුද නෞකාව(Guards missile cruiser “Variag”), ප්‍රති සබ්මැරීන යුද ‍නෞකාවක් වන “අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral “panteleeve”) සහ මධ්‍යම ප්‍රමාණයේ සැපයුම් නෞකාවක් වන “පෙචේන්ගා” ( Medium sea tanker “Pechenga”) යන යුද නෞකා ත්‍රිත්වය ඊයේ(30) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

සැපයුම් අවශ්‍යතා සඳහා සහ කාර්යමණ්ඩල විවේකය සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ මෙම යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව, එම අපේක්‍ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, මෙලෙස දිවයිනට සේන්දු වූ යුද නෞකාවන් ත්‍රිත්වය එළඹෙන දෙසැම්බර් 03 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සමග මෙහෙයුම් අභ්‍යාසයක නිරත වීමටද නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *