“බුරවී” බලපෑම ඉදිරි පැය කිහිපය තුල අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –”බුරවී” සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සමග ඉදිරි පැය කිහිපය තුල සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

උතුරු, උතුරු මැද සහ වයඹපළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *