ජර්මනියේ සීමා කිරීම් ජනවාරි දක්වා දීර්ඝ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හේතුවෙන් ජර්මනිය තුළ පනවා ඇති සීමාකිරීම් ලබන ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය නායකයින් සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරසය මැඩපැවැත්වීම සඳහා මේ වන විට හෝටල් හා අවන්හල් වසා දැමීමට කටයුතු කර තිබේ.

එමෙන්ම මහජන කටයුතුවලදී ජනතාව එක්රැස්වීම සඳහා සීමාවන් පනවා තිබේ. මෙම සියලු සීමාවන් දෙසැම්බර් මස 20 වැනි දිනෙන් අවසන්වීමට නියමිතව තිබෙන අතර, එම සීමාවන් අවසන්වීමට පෙර බලධාරීන් විසින් නැවත සීමාවන් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *