අද දින විදේශයන්හි සිට 289ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – අද (09) දින උදෑසන මාලදිවයිනේ සිට පුද්ගලයින්‌ 41 දෙනෙක්‌, කටාර්‌ සිට පුද්ගලයින්‌ 26 දෙනෙක්‌, සෞදි අරාබියේ සිට පුද්ගලයින්‌ 158 දෙනෙක්‌, ඩුබායි සිට පුද්ගලයින්‌ 42 දෙනෙක්‌, කටාර්‌ සිට පුද්ගලයින්‌ 22 දෙනෙක්‌ මෙරටට පැමිණ ඇත.

තවද, අද දිනය තුලදී ඉන්දියාවේ සිට පුද්ගලයින්‌ 06 දෙනෙක්‌, මාලදිවයිනේ සිට පුද්ගලයින්‌ 03 දෙනෙක්‌, බංගලාදේශයේ සිට පුද්ගලයින්‌ 35 දෙනෙක්‌, සිංගප්පූරුවේ සිට එක්‌ පුද්ගලයෙක්‌, මැලේසියාවේ සිට පුද්ගලයින්‌ 218 දෙනෙක්‌ සහ චීනයේ සිට පුද්ගලයින්‌ 06 දෙනෙක්‌ මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින්‌ ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධාස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම්‌ කර ඇත.

අද දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 62 ක්‌ තුළ පුද්ගලයින්‌ 6,594 දෙනෙකු නිරෝධායනය වෙමින්‌ සිටියි.

ඊයේ (08) දිනය තුල PCR පරික්‍ෂණ 11,182 ක්‌ සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *