කතරගම පැමිණෙන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාත ඇතුළු අනෙකුන් ප්‍රදේශයන්හි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද ,වන්දනා කටයුතු සඳහා කතරගම නිවාඩු නිකේතනයන්හි ලැගුම් ගැනීමට අදහස් කරන පුද්ගලයින් වෙතොත්, තම පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරියකුගෙන් ලිපියක් රැගෙන ආ යුතු බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අයකු නම් පූර්ණ සුවය ලබා ඇති බවටත්, නිරෝධායනය වී සිටි පවුල් ඒකකයක් නම් නියමිත කාලය සාර්ථකව අවසන් කොට ඇති බවටත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බවටත් අදාළ ලිපියේ දක්වා තිබිය යුතු බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *