ඉඩම් අයිතිය නැති ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සියලු සේවකයන්ට නීත්‍යානුකූල ඉඩම් අයිතිය

(කොළඹ, ලංකාපුවත්) –ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවය කරන කම්කරුවන් ඇතුලු ඉඩම් අයිතිය තවමත් නැති සියලු සේවකයන්ට මාස 03 ක් ඇතුලත නීත්‍යානුකූලව ඉඩම් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබාදෙයි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාලනාධිකාරය හා අමාත්‍යවරයා අතර මේ පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

පර්චස් 07ක ඉඩමක් සෑම සේවකයකුටම නිවාස සකස්කරගැනීම සඳහා වහාම ලබාදෙන ලෙසත් එය කඩිනමින් සිදුවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අදාල නිලධාරීන්ට අවධාරණය කළේය. දශක කිහිපයක් පුරා මෙම සේවකයන්ට පැවති රජයන් ඉඩම් ලබාදීම පොරොන්දුවක් පමණක් වූ බවත්, එය යථාර්ථයක් කිරීම මෙම තීරණයට හේතු වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රටට ආදායම සොයාදෙන දහඩිය වගුරවන මෙම සේවකයන්ට සාධාරණය ඉටුවිය යුතු බවත්, විවිධ චක්‍රෙල්ඛ, රෙගුලාසි වෙනුවෙන් කාලය කා දෑමීම වෙනුවට ඔවුන්ට ඉඩම් ලබාදීම කාර්යක්ෂමව සිදුවිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සාකච්ඡාවට එක්වූ නිලධාරීන්ට අවධාරණය කළේය.

එසේම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියළු සේවකයන්ගේ අර්ථ සාධක මුදල් ලබන වසර අවසන් වීමට පෙර ගෙවා අවසන් කළයුතු බවද අමාත්‍යවරයා අදාල පාලනාධිකාරියට මෙහිදී දැනුම් දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *