(කොළඹ, ලංකාපුවත්) – නත්තල් තරුව දිස්වීම මේ මස 16 වනදා ආරම්භවේ.
එය ලබන 25 දක්වා දිස්වනු ඇති බව තාරකා විද්‍යාඥයන්පවසයි.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම නත්තල් තරුව ලෙස දිස්වන බව නාසා ආයතනය පවසයි.
මෙලෙස ද්විත්ව තාරකා දර්ශනය ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් “නත්තල් තරුව” ලෙසද හඳුන්වනු ලබන්නේ බෙත්ලෙහෙමේ තාරකාව පිළිබඳ බයිබල් කථාව ග්‍රහලෝක සංයෝජනයක් විය හැකි බවට විශ්වාසයක් ඇති බැවිනි.
කෙසේ වෙතත් මෙලෙස එක මත එක දර්ශනය වූවත් මෙම ග්‍රහලෝක අතර දුර ප්‍රමාණය මිලියන 400ක් බව තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙයි.
අවසන් වරට මෙතරම් සමීපව මෙම ග්‍රහයන් එක පෙළට පැමිණ ඇත්තේ වර්ෂ 1226 මාර්තු 04 වනදාය.