(කොළඹ, ලංකාපුවත්) –විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිඛේ.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දිනයේදී නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
නව ක්‍රමවේදය අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යළි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.