උත්සව සමයේ දී නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –උත්සව සමයේ දී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තව ද ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා වසර තුනක සිර දඬුවමකට හා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කියා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඉකුත් ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නීරෝධායන රීති උල්ලංඝණය කල පුද්ගලයන් 1289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + ten =