කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් එම තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

එම කණ්ඩායම නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයෙකු සමඟ ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන් වෙයි.

මේ හේතුවෙන් එම කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

හර්ෂල් ගිබ්ස් මෙවර ලංකා ප්‍රිමිය ලිග් තරඟාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට පැමිණිය ද පසුව ඔහු කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණි.

තරඟාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම සහභාගී වූ අවසන් තරඟ දෙකකේදී හර්ෂල් ගිබ්ස් දක්නට ලැබුනේ නැහැ.

මේ අතර තරඟාවලියට අදාළව ඊයේ පැවති පළමු වටයේ අවසන් තරඟයෙන් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පරදවා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට කලම්බූ කිංග්ස් කණ්ඩායම සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =