ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන සෙවීමට CIDයෙන් පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ අලුත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ හට ගත් ගින්නෙන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක‍්ෂක දෙපාර්තමේන්තුව විසින් විමර්ෂන ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා පැවසීය.

ඊයේ පස්වරු 4.30 ට පමණ අධිකරණ සංකීර්ණයේ ගින්න හට ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණ පිහිටි භූමියේ පැවැති අබලි භාණ්ඩ ගබඩාවේ ගින්න ඇතිව තිබුනි. එම ගින්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු කාර්යාලයකට හෝ ලිපි ගොනු ඇතුළු කිසිදු භාණ්ඩයකට හානි සිදුව නොමැති බව සදහන් වේ.

ගින්නෙන් හානි සිදුව ඇත්තේ අබලි භාණ්ඩ ගබඩාවට පමණක් බව ලේකම්වරයා සදහන් කරයි.

කෙසේ නමුත් මෙම ගිනි ගැනීමට හේතුව අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 14 =