ජාතික ආරක්ෂකයා “ජනශක්ති කොවිඩ් ගා(ර්)ඩ් “

(කොළඹ, ලංකාපුවත්) – පවත්නා වසංගත තත්ත්වය නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන්ට සාර්ථකව මුහුණ දීම තුළින් ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ජනශක්ති රක්ෂණ සමාගම “ජනශක්ති කොවිඩ් ගාඩ්” නමින් කාලීන රක්ෂණාවරයක් හදුන්වාදෙයි. මෙම නව්‍ය රක්ෂණ විසඳුම මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම ජීවිත ආරක්ෂණය ලබා දෙන අතර පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ලබා දිය හැකි ය.

“ජනශක්ති කොවිඩ් ගා(ර්)ඩ් ”යනු පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයට ලබා දිය හැකි සිල්වර්, ගෝල්ඩ් සහ ප්ලැටිනම් වශයෙන් කාණ්ඩ කිහිපයකින් පිරිනමන පුළුල් රක්ෂණාවරයකි. මෙම පවත්නා හදිසි තත්ත්වය යටතේ අත්‍යාවශ්‍ය මූල්‍ය සහාය ලබා දිය හැකි පරිදි විශේෂයෙන් නිර්මාණය කරන ලද රක්ෂණ ඔප්පුවක් ලෙස මෙම රක්ෂණාවරය හැදින්විය හැකි ය. මෙම පැකේජයේ ප්‍රධාන ප්‍රතිලාභ තුළ කොවිඩ් -19 රෝගය නිසා හෝ අනතුරක් නිසා සිදුවන මරණය, නිරෝධානය සදහා රෝහල්ගත වීම නිසා ආදායම් අහිමි වීම සහ කොවිඞ් -19 හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වීම යනාදි ආවරණ ඇතුළත් වේ. මීට අමතරව මෙම රක්ෂණය මගින් PCR පරීක්ෂණයේ පිරිවැය මෙන්ම කොවිඩ් -19 සදහා එන්නතක් හදුන්වාදුන් පසු එහි පිරිවැය ද ආවරණය කරයි.

මෙම සුවිශේෂී රක්ෂණ විසඳුම පිළිබදව අදහස් දක්වමින් ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ ය. “අපි මෙම අවදානම ආවරණය කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස හදුනාගත් අතර පුරෝගාමී රක්ෂණ ආයතනයක් ලෙස අපි අපගේ ජාතියට සහාය වීමට කැප වී සිටින්නෙමු. අපි මෙම සුවිශේෂී විසඳුම හදුන්වාදෙන ලද්දේ මෙම අභියෝග හමුවේදී ද අපගේ ප්‍රජාවගේ ආරක්ෂණ අවශ්‍යතා සපුරාලීම සදහා ය. මෙම රක්ෂණය මූල්‍ය ස්ථාවරත්වය පිරිනැමීම සදහා නිර්මාණය කර ඇති අතර රක්ෂණ ඔප්පුහිමියන්ට පවත්නා හදිසි තත්ත්වය නිසා මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාවයන් සහ අභියෝගයන් කළමනාකරණය කර ගැනීමට සහාය වේ. මෙම පුළුල් රක්ෂණ විසඳුම හරහා අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරමින් ජාතියේ ආරක්ෂාව කෙරේ අපගේ කැපවීම තවදුරටත් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.”

www.janashakthi.com/covidguard යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112 636 636 ජනශක්ති ජීවිත පාරිභෝගික සේවා දුරකථන අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *