ජනවාරියේ දී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්න

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ජනවාරි මාසයේ දී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීණමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැඛේ.

වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කෙවිඩ් පැතිර යාමේ දැඩි අවධානමක් පවතී. ඇතැම් ප්‍රදේශ සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදු කර තිඛේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − nineteen =