තවත් එක් කොවිඩ් මරණයක් – අද දිනයේ සමස්ත ආසාදිතයන් 579ක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ අනුව මුළු කොවිඩ් මරණ ගණන 184 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම තවත් ආසාදිතයන් 231 ක් වාර්තා වීමත් සමග අද දිනයේ ආසාදිතයන් ගණන 579 ක් දක්වා ඉහළ යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 8 =