නැගෙනහිර විහාරස්ථාන වෙත වියළි සලාක

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය විසින් ලබාදුන් වියළි සලාක තොගයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අපහසුතාවන්ට පත්ව ඇති ස්වාමීන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන වෙත බෙදාදීම සඳහා අද පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පොලිස් විශේෂ කාර්ය බලකායට භාර දුන්නාය.

ආණ්ඩුකාරවරිය විසින් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම වියළි සලාක තොගය ලැබී තිබේ. මීට පෙර අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සඳහා ද එම සංගමය මගින් වියළි සලාක ලබාදීම ට කටයුතු කර තිබු අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම වියළි සලාක විහාරස්ථාන කරා බෙදාදීම සිදු කළේය.

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට වියළි සලාක තොගය භාරදීමේ අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + one =