රුසියාවේ සිට ශ්‍රී ලංකාවට යන සංචාරක ගුවන් ගමනක් අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ ජාතික ගුවන් සේවයවන ඒරොෆ්ලොට් විසින් රුසියානු සංචාරකයින් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවට යාමට නියමිත ගුවන් ගමනක් අත්හිටුවා තිබේ.

ඒ් අනුව රුසියාවේ සිට ශ්‍රීලංකාවට පැමිණෙන ගුවන් ගමන් ලබන බ්‍රහස්පතින්දා (31) වන තෙක් අත්හිටුවා ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවසීය.

කොවිඩ් – 19වසංගතය මධ්‍යයේ විදේශීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීමට රජය ගන්නා උත්සාහයේ කොටසක් ලෙස රුසියානු සංචාරකයින් රැගත් ගුවන් යානය ඉරිදා (27) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ බව ඔහු පැවසීය.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ විදේශීය සංචාරකයින් සඳහා ගුවන් තොටුපල නැවත විවෘත කිරීම සඳහා ලබන සඳුදා (28) සිට ජනවාරි 19 දක්වා නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය සූදානම් වේ.

මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා තවදුරටත් කියා සිටියේ රුසියානු ගුවන් ගමන අවලංගු කර තිබුන ද, සංචාරකයින් පිරිසක් සමඟ යුක්රේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ගුවන් යානයක් සඳුදා (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − 7 =