සෞඛ්‍යාරක්ෂිතව පැවැත් වු වතිකානුවේ නත්තල් දේව මෙහෙය

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වසංගත අවධානම හේතුවෙන් වතිකානුවේ ශාන්ත පීතර් බැසිලිකාහි නත්තල් දේව මෙහෙය මෙවර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දේව මෙහෙයට සියයකට වඩා අඩු පිරිසක් මෙවර සහභාගි වීම විශේෂත්වයකි. වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙයට දස දහසකට අධික පිරිසක් සහභාගි වෙයි. මෙවර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දේව මෙහෙයට සහභාගි වීමට ලොව පුරා කිතුනු ජනතාවට අවස්ථාව සලසා තිබුණි.

එසේම ගුවන්විදුලිය, රූපවාහිනිය සහ විවිධ සමාජ සන්නිවේදන මාධ්‍යයන් හරහා මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම දේව මෙහෙයට එක්ව සිටින බව සදහන් වේ.

ෆ්‍රැන්සිස් පාප්තුමා දේව මෙහෙය අමතමින් කියාසිටියේ “යේසුස්ගේ උපත යනු සෑම වසරකම අපට නැවත ඉපදීමටත්, සෑම පරීක්ෂණයකටම මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සොයා ගැනීමටත් අපට හැකි නවකතාවක්.”යන්නයි. “යේසුස් වහන්සේ දරුවෙකු ලෙස පැමිණ අපව දෙවිගේ දරුවන් බවට පත් කරයි” යනුවෙන්ද පාප්තුමා එහිදී පැවසීය.

මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ දේව මෙහෙය පැය දෙකකට පෙර ආරම්භ කිරීමද විශේෂත්වයක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 6 =