(කොළඹ, ලංකාපුවත්) –ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයෙන් උදා විය.
ලොව පුරා කිතුණු බැතිමතුන් අසිරිමත් නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සැමරුව ද මෙවර ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය එලෙස සැමරීමට නොහැකි වී තිබේ.
ප්‍රධාන නත්තල් දේවමෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රීයේ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පවත්වනු ලැබීය.
එමෙන්ම මෙරට ප්‍රධාන නත්තල් දේවමෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11.45 ට කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවැත්වුණි.