රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 41 ක් හඳුනා ගනියි

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිතයින් 41 දෙනෙක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ස්ථාන 11 දී එම ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කළ අතර බස්නාහිරින් පිටවන අය අතරින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා එය සිදුකරන ලදී.

එම පරීක්‍ෂණ දෙසැම්බර් 18 වනදා සිට සිදු කර තිබේ.

මේ අතර ඊයේ දින වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් 551 දෙන අතරින් වැඩිම ආසාදිතයින් එනම් ආසාදිතයින් 300ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 17,086ක් ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 39,782ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 31,339ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් ආසාදිතයින් 8,258 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව 186 දෙනෙක් මේ වන විට මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =