බ්‍රිතාන්‍යයේ කොරෝන නව වෛරස් ප්‍රභේදය ප්‍රංශයටත්

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයෙන් සොයාගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය පළමු වරට ප්‍රංශයේදී සොයා ගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ වෛරසය ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 19 වන දින ලන්ඩනයේ සිට පැමිණි මධ්‍යම ටුවර්ස් හි ප්‍රංශ පුරවැසියෙකු බව පවසයි.

නමුත් ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත්, දැනට ඔහු සිය නිවසේදී හුදෙකලා කර සිටින බවත් සදහන් කෙරේ.

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ රටවල් ගණනාවකම සංචාරක සීමා පනවන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *