කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින්න

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර සිටියි.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව සෞඛ්‍ය ආමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ් -19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනය පමණක් සිදුකරන බව එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *