ධනංජය ද සිල්වාට සති දෙකක් යනතුරු ක්‍රීඩා කිරීමට නොහැකි වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී ආබාධයකට ලක්වූ ධනංජය ද සිල්වාට සති 02 ක් යනතුරු ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ඔහුට දකුණු අප්‍රිකාව සමඟ පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සහ දෙවන ටෙස්ට් තරගය අහිමිවනු ඇත.

ඔහු සෙනසුරාදා(26) සවස එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති ඔහුගේ කලවා අසල මාංශ පේශිවල මෘදු පටක තුවාලයක් සිදුව ඇති බවට විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *