මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (28) දිනය වන විට මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වසරේ පෙබරවාරි 18 වැනිදා සිට ආරම්භ කළ PCR පරීක්ෂණ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් කෝටි 720 ඉක්මවා තිඛේ.

මෙම පරීක්ෂණ ලක්ෂ 12 මගින් පුද්ගලයන් හතළිස් එක්දහසකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනුණි.

එහිදී වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *