කොවිඩ් මරණ 04ක්

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් 19 මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + twenty =